brand logo
logo
 ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

27 October 2026


ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (26) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු තුනක් (26) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.


එම ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් වැසි ලැබුණ හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.


 

More News..