ලෝක කුසලාන ආයෝජන සැලැස්ම FIFA හකුළා ගනී
01 August 2026
ලෝක කුසලාන ආයෝජන සැලැස්ම FIFA හකුළා ගනී
01 August 2026
ලෝක කුසලාන තරගාවලිවලදී පුද්ගලික කොටස් විකිණීමේ යෝජිත සැලැස්ම අවලංගු කිරීමට ජාත්‍යන්නර පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මේ බව පවසා තිබේ.
ලොව පුරා රසිකයන්ගෙන් සහ පාපන්දු සංගම්වලින් එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ලෝක කුසලානය ඇතුළු අනෙකුත් ප්‍රධාන තරගාවලි පවත්වාගෙන යාම සඳහා ඩොලර් බිලියන 20ක වටිනාකමකින් යුත් නව අනුබද්ධිත ආයතනයක් පිහිටුවන බවත්, එහි 20%ක කොටස් බාහිර ආයෝජකයින්ට විකිණීමට බලාපොරොත්තු වන බවත් FIFA පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
කෙසේ බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට FIFA කටයුතු කළහොත්, එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට යුරෝපීය පාපන්දු සම්මේලනය (UEFA) අනතුරු ඇඟවීය.
යුරෝපීය පාපන්දු සම්මේලනය යනු ලෝක පාපන්දු සම්මේලයේ සිටින බලවත්ම සංගමය වේ.
ඒ අනුව එම පුද්ගලික ආයෝජන සැලැස්මට දැඩි විරෝධය පළ කරමින් ලෝක කුසලානය සහ අනෙකුත් සියලුම FIFA තරගාවලි වර්ජනය කිරීමට UEFA සාමාජික සංගම් 55ක් ඒකමතිකව තීරණය කර තිබුණි.

