IPL අවසන් වටයේ දෙවන තරගය අද
27 May 2026
IPL අවසන් වටයේ දෙවන තරගය අද
27 May 2026
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය (Eliminator) අද (27) ප.ව. 7.30ට නව චන්දිගාර්හිදී ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පුහුණුකාරිත්වය දරන රාජස්ථාන් රෝයල්ස් සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග ක්‍රීඩාකරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර මෙම තරගය පැවැත්වේ.
මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වූ අතර, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම එහි සිව්වැනි ස්ථානය හිමිකරලගත්තේය.
අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවන තරගයේදී (Qualifier 2) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතය.
එම තරගය ජයගන්නා කණ්ඩායමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු සමගින් අවසන් මහා තරගය ක්‍රීඩාකිරීමට අවස්ථාව උදාවේ.

