නව මහාධිකරණ විනිසුරුවරු අගවිනිසුරු ඉදිරියේදී දිවුරුම් දෙති
25 September 2026
නව මහාධිකරණ විනිසුරුවරු අගවිනිසුරු ඉදිරියේදී දිවුරුම් දෙති
25 September 2026
ඉකුත්දා නව මහාධිකරණ විනිසුරුවරු වශයෙන් පත්වීම් ලබා සිටි විනිසුරුවරු තිදෙනෙකු අද (25) අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
අගවිනිසුරු නිල මැදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කරනු ලැබීය.
ඒ අනුව නව මහාධිකරන විනිසුරු වශයෙන් පත්වීම් ලබා සිටින පී. සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන විනිසුරුවරු මෙසේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කර ඇත.
මෙම දිවුරුම්දීමේ අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් මහතාද සහභාගී විය.

