brand logo
logo
කහ සහ සුදු සමනල්ලු රට පුරා

කහ සහ සුදු සමනල්ලු රට පුරා

09 November 2026 | අනීෂා මානගේ/ සාලිය කුමාර ගුණසේකර


මේ දිනවල කොළඹ ඇතුළු රටපුරා බොහෝ ප්‍රදේශවල කහ සහ සුදු පැහැති කුඩා සමනලුන් රංචු වශයෙන් දැකිය හැකි ය.


කුරුඳුවත්ත, බොරැල්ල, නුගේගොඩ, බොරලැස්ගමුව, වැල්ලවත්ත, කිරුළපන ආදී කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ නගරවල සේම රටපුරා බොහෝ ප්‍රදේශවල පාහේ පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කාලයේදී රංචු වශයෙන් පියඹා යන කහ සහ සුදු පැහැති කුඩා සමනලුන් නිරීක්ෂණය වී තිබිණි. එක් රංචුවකට සමනලුන් පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක් සේම ඇතැම් ප්‍රදේශවල සමනලුන් හතළිහක් පනහක් දක්වා ද නිරීක්ෂණය වී තිබිණි.


මේ සම්බන්ධයෙන් පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධනගෙන් කළ විමසීමේදී හෙතෙම කීවේ අතීතයේ සිට නොවැම්බර්, දෙසැම්බර් මාසවල දක්නට ලැබුණු සමනල් පර්යටනයේ ආරම්භක අවස්ථාව දැන් උදා වී ඇති බවයි. Lemon Emigrant සහ Mottled Emigrant යන සමනලුන් විශේෂ මුල් අවස්ථාවේදී දැකිය හැකි අතර පසුගිය කාලයේදී සමනලුන්ගේ පර්යටනය දැකිය නොහැකි තරම් අඩු වී තිබූ බව හෙතෙම කීවේය. මෙවර විශාල රංචු වශයෙන් සමනලුන් දැකිය හැකි වූයේ වසර දොළහකට පසුව බවද ඔහු කීවේය.


ඉහළ කඳුකරයේ වාසය කරන Painted Lady නම් සමනලයා සුළු සංඛ්‍යාවලින් කොළඹ අවටදී දැකිය හැකි බවත් Orange Migrant නමැති සමනලයා සංක්‍රමණයට එක්ව සිටින බව නිරීක්ෂණය වී තිබිණි.


සමනලුන් සේම බත්කූරන්ගේ සංක්‍රමනයක්ද මේ දිනවල නිරීක්ෂණය වී ඇතැයි පරිසරවේදී ජගත් ගුණවර්ධන පැවැසීය. විවෘත ස්ථානවල කහ, තැඹිලි හෝ රතු පැහැති බත්කූරන් රංචු වශයෙන් දැකිය හැකි අතර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන මෙම බත්කූරන් මාලදිවයින හරහා අප්‍රිකාව දක්වා පියඹා යන බව හෙතෙම කීවේය. බස්නාහිර, වයඹ, දකුණු පළාතේ මුහුදු ආශ්‍රිතව බත්කූරු රංචු නිරීක්ෂණය වී තිබිණි.

 

More News..