නොවැම්බර් පළමු දින 15ට සංචාරකයන් ලක්ෂයක් ඇවිත්
19 November 2026 | අශිකා ජයවීර
නොවැම්බර් පළමු දින 15ට සංචාරකයන් ලක්ෂයක් ඇවිත්
19 November 2026 | අශිකා ජයවීර
නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයන් 102,469 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණ කර තිබේ.
එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 31,185කි. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් 30%කට ආසන්න ප්රතිශතයකි.
දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර, එරටින් සංචාරකයන් 9,772 දෙනකු පැමිණ තිබේ.
එක්සත් රාජධානියෙන් 6,898 දෙනකු, ජර්මනියෙන් 6,574 දෙනකු සහ චීනයෙන් 5,147 දෙනකු එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 1,964,773ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන තිබේ.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයන් 530,810 දෙනකු පැමිණ ඇත.
දෙවන ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර, එරටින් සංචාරකයන් 180,027 දෙනකු පැමිණ තිබේ. චීනයෙන් 128,887 දෙනකු සහ ජර්මනියෙන් 111,879 දෙනකු පැමිණ ඇති අතර, පස්වන ස්ථානය හිමිව ඇත්තේ සංචාරකයන් 100,030 දෙනකු පැමිණි ඔස්ට්‍රේලියාවටයි.


