brand logo
logo
"කෙසේ හෝ වේවා අපි මේ යුද්ධය ජයගන්නවා"- ට්‍රම්ප්

"කෙසේ හෝ වේවා අපි මේ යුද්ධය ජයගන්නවා"- ට්‍රම්ප්

29 September 2026

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකානු නිලධාරීන් මෙම ගැටුම් නතර කිරීම සඳහා කටයුතු කරන මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවය.


"කෙසේ හෝ වේවා අපි මේ යුද්ධය ජයගන්නවා. එය ඉතා වේගයෙන් සිදුවනු ඇතැයි මම විශ්වාස කරනවා," ලෙසින් ද ජනාධිපතිවරයා පවසා ඇත.


එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමෙරිකාව මෙම යුද්ධයෙන් ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවය.

 

More News..