අයිස් කට්ටිය වැඩිවෙයි
25 November 2026 | සාලිය කුමාර ගුණසේකර
අයිස් කට්ටිය වැඩිවෙයි
25 November 2026 | සාලිය කුමාර ගුණසේකර
හෙරොයින් සම්බන්ධ බන්ධනාගාර ගතවීම් අඩුවී මෙතැම්පිටමින් (අයිස්) සම්බන්ධ බන්ධනාගාර ගතවීම් ඉහළ ගොස් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.
ඉකුත් වසරේ (2025) සමස්ත බන්ධනාගාර ගතවීම් සංඛ්‍යාව 44,406 ක් වන අතර,ඉන් 29,177 ක් (65.7%) බන්ධනාගාර ගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට අදාළවය. බන්ධනාගාර ගතකර සිටින සමස්ත පිරිමි පුද්ගලයන් අතරින් 28,885 ක් බන්ධනාගාර ගතකර ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධවය.
කාන්තාවන් 292 ක්ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර තිබේ. මත්ද්‍රව්‍ය වලට අදාළ බන්ධනාගාර වලින් බහුතරය හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාර ගතවී ඇති අතර එම සංඛ්‍යාව 13,094 කි (44.9%).
කෙසේ නමුත් හෙරොයින් සම්බන්ධව බන්ධනාගාර ගතවීම් අඩුවීමක් පෙන්නුම් කරන බව ද එම මණ්ඩලය පවසන්නේය. මෙතැම්පිටමින් (අයිස්) සම්බන්ධ බන්ධනාගාර ගතවීම් 10,903 (37.4%) ක් දක්වා වැඩිවී ඇත.ඉකුත් වසරේදී (2025) ගංජා සම්බන්ධ බන්ධනාගාර ගතවීම් 4,645 ක් (15.9%) වාර්තා වේ.
අනෙකුත් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව ගංජා සම්බන්ධ බන්ධනාගාර ගතවීම් අඩු අගයක් වාර්තා වන බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරන්නේය.


