brand logo
logo
ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

25 July 2026

මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන බලංගොඩ, මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

මෙම දැරිය පසුගිය 23වනදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඇයගේ පියා විසින් ඒ සම්බන්ධයෙන් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇත.


කෙසේවෙතත් පොලීසිය පැවසුවේ මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක් ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.


මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතය.

බලංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


 

More News..