brand logo
logo
රත්නපුරේ ගින්නකින් කඩ කාමර 90ක් විනාශයි

රත්නපුරේ ගින්නකින් කඩ කාමර 90ක් විනාශයි

23 April 2026


රත්නපුර පොල සංකීර්ණයේ අද (23) අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර 90කට ආසන්න ප්‍රමණයක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.


මහල් තුනකින් සමන්විත පොළ සංකීර්ණයේ දෙවන මහලේ මෙම ගිනින හට ගෙන ඇත. 


එළවළු, පලතුරු මෙන්ම සහල්, පරිප්පු, සීනි, අල, ලූණු ඇතුළු ආහාර ද්‍රව්‍ය සිල්ලරට හා තොග වශයෙන් අලෙවි කරන කඩ බොහෝමයක් මෙම ගින්න නිසා විනාශවී ඇතැයි පොලිසිය පැවසීය.


ගින්න නිවීම සඳහා රත්නපුර මහ නගර සභාව සහ බලංගොඩ නගර සභාව ඒකාබද්ධව කටයුතු කරනු ලැබීය.

 

More News..