Best News Website award
brand logo
logo
චාමරගේ ඇප ඉල්ලීම ඉවතට

චාමරගේ ඇප ඉල්ලීම ඉවතට

20 November 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කළේය.


ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.


පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 

 

More News..