පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
31 August 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුයුක්ත කළ සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බවට වන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මීට පෙරද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථාවේදී පැමිණ සිටියේ නැත.
ඒ හේතුවෙන් පසුගියදා කොමිසමේ නිලධාරීන් පිරිසක් රවී කරුණානායක මහතාගේ නිවසට පවා ගොස් තිබූ අතර, එහිදීද ඔහු නිවසේ රැඳී සිට නොමැති බව සඳහන් වේ.
තම දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු යෙදී තිබීම නිසා ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් වෙන්කර දෙන ලෙස මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අනුව අද දිනය ලබාදී තිබිණි.
ඒ අනුව අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

