රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාහන පූජෝත්සවය ආරම්භ වෙයි
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාහන පූජෝත්සවය ආරම්භ වෙයි
21 August 2026
සුභාවිත ගී පබැඳුමෙන් රසික හදවත් සැනසූ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිගේ ආදාහන පූජෝත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.
උන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත්වූ අතර අපවත් වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.
අපවත් වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පසුගිය 19 වැනිදා වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරුණි.
අද පස්වරුවේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සව පැවැත්වීම සඳහා රිය පෙරහැරකින් වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබීය.
එහිදී ආගමික වතාවත් මල්වතු මහා විහාරවාසී, ආචාර්ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමි විසින් සිදු කෙරිණි.

