තායිලන්තයේ අධිවේගී මාර්ගයක රිය අනතුරකින් 11දෙනෙකු මියයයි
8 days ago
Share on
තායිලන්තයේ මයිත්‍රාපා අධිවේගී මාර්ගයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් මියගිය පිරිස අතර කුඩා ළමයින් දෙදෙනෙකු ද සිටින බවයි.
අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී වළකට වැටුණු වෑන් රථය එක්වරම ගිනිගෙන තිබේ.
ගින්නට හසුවීමෙන් එහි ගමන්කරමින් සිටි ළමුන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත් අනතුරින් එහි ගමන්කළ එක් අයෙකු පමණක් දිවිබේරා ගැනීමට සමත්ව තිබේ.
මෙලෙස අනතුරින් දිවි බේරාගත් මගියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
ගින්නට පෙර ඔහු වෑන් රථයෙන් ලිස්සා ගොස් පිටතට වැටී ඇත.
තායිලන්තයේ බලධාරීන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.