brand logo
logo
නව වසරේ ජනපතිගේ සුභ පැතුම් පණිවූඩය

නව වසරේ ජනපතිගේ සුභ පැතුම් පණිවූඩය

01 January 2025

මේ සියවසේ මගහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත් එකි ජනතා සිහින යථාවක් කිරීමටත් නව වසරේදී තවත් වීර්යයෙන් හා සද්අධිෂ්ඨානයෙන් කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛශී පාලනයක් ඇති කරමින් සියලු දෙනා එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථවත් කිරීමේ අවස්ථාව දැන් අප සැමට හිමිව ඇති බවයි.


අත්හල නොහැකි එම භාරදූර වගකීම අප සියලු දෙනාගේ දෙවුර මත පැටවී ඇති බව ද ජනාධිපතිවරයා සිහිපත් කර සිටි.


ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම, රටේ ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනා ගෙන ඇති බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.


සමාජය වඩාත් දියුණු තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නව වසරේ උදාවත් සමග ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම තුළ බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.



 

More News..