වොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක වෙඩිතැබීමක්
12 November 2026
වොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක වෙඩිතැබීමක්
12 November 2026
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි කායවර්ධන මධ්‍යස්ථානයක එරට වේලාවෙන් අද (12) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.
මෙට්‍රොපොලිටන් පොලිසිය පවසන්නේ, මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවය.
කෙසේ නමුත් වෙඩික්කරු අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයක් වෙත පළාගොස් තිබේ.
ඔහු එම නිවාස සංකීර්ණයේ 7 වන මහලේ පිහිටි නිවසක් තුළ සැඟවී ඇති අතර, පොලිසිය විසින් ඔහුව අවනත කර ගැනීමට දැඩි උත්සාහයක් දරා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවීමෙන් පසුව අදාළ නිවස තුළින් වෙඩි ශබ්දයක් ඇසී ඇත.
ඒ සමග ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, දොර කඩා ඇතුළු වී පරීක්ෂා කර ඇති අතර, එහිදී සැකකාර වෙඩිකරු තමාටම වෙඩි තබාගෙන මියගොස් සිට තිබේ.


