brand logo
logo
කොත්මලේ ජලාශයේ තිබි කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

කොත්මලේ ජලාශයේ තිබි කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

12 February 2024 | රංජිත් රාජපක්ෂ - හැටන්

ඉහල කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලාඔයේ තිබි හදුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (12) දින හමු වු බව ලිදුල පොලිසිය පැවසීය.


පොලිසිය පැවසුවේ කොත්මලේ ඔයේ නාදුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි.


අවු 45 පමණ වයසැති මියගොස් සිටි කාන්තාව රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් ඇද සිටි බවත්, කොත්මලේ ඔයේ අගරකන්ද ප්‍රදේශයේ තිබි මෙම සිරුර සොයාගෙන ඇත.


සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය පැවසිය.

 

More News..