ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්
05 September 2026
ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්
05 September 2026
සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම පවසයි.
ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බව සමාගම සඳහන් කළේය.
අවසන්වරට ලාෆ්ස් ගෑස් මිල පසුගිය ජූලි මාසයේදී සංශෝධන කෙරුණි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දැමූ ඇති අතර එහි මිල රුපියල් 4,965කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩු කිරීමට පියවර ගත් අතර එහි වත්මන් මිල රුපියල් 1,988ක් වනු ඇත.
මේ අතර අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කරන බව එම සමාගම නිවේදනය කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 4,365කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් වනු ඇත.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක් දක්වා පහළ යන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් නිවේදනය කළේය.

