අවු. 4ක දැරියක් අතරමංකර පළා ගිය යුවළ අත්අඩංගුවට
14 August 2026
අවු. 4ක දැරියක් අතරමංකර පළා ගිය යුවළ අත්අඩංගුවට
14 August 2026
අමානුෂික ලෙස පහරදී අවුරුදු 4ක දැරියක් පාළු ස්ථානයක අතරමංකර පළා ගොස් සිටි සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (14) පෙරවරුවේ හාලිඇල ප්‍රදේශයේදී හාලිඇල පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අතරින් සැකකාරිය අදාළ දැරියගේ මව බවට මේ වන විට හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ඊයේ (13) වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දැරියක් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වත්තේගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දැරිය සිය භාරයට ගෙන තිබුණි.
පොලීසිය සැක පළ කළේ, ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරු 7ට පමණ දැරිය එම ස්ථානයේ දමා ගොස් ඇති බවටය. ඒ අනුව දැරිය රැගෙන පැමිණි බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

