ගල්කිස්ස, හුළුදාගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
19 August 2026
ගල්කිස්ස, හුළුදාගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
19 August 2026
ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු ඊයේ (18) සවස වත්තල පොලිස් වසමේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටියදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඒ අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඉකුත් 15වැනිදා ගල්කිස්ස පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ඝාතනය සිදුකර පලාගොස් තිබුණි.
එදිනම රාත්‍රියේ දී කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේදී මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් රිවෝල්වර් අවියක්, එම ජීව පතරොම් 12ක් සහ හිස් පතරොම් කොපු 6ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 32, 35 සහ 28 වයස්වල පසුවන කොළඹ 14, කොළඹ 12, දළුපොත හා සැකකාරිය අවුරුදු 28 ක් වන කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

