brand logo
logo
 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට BMICH පරිශ්‍රයේදී

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට BMICH පරිශ්‍රයේදී

25 September 2026


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ වේ.


දින 10ක් පුරා පැවැත්වෙන මෙය ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.


ටී.වී. දෙරණ මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබයි.


27 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී දේශීය මෙන්ම විදේශීය පොත්පත්, විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවේ.


මේ අතර ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ අරුණ පුවත්පත සහ Aruna.lk වෙබ් අඩවිය එක්ව දිවයිනේ ඇති දුෂ්කර පාසල් වල පුස්තකාල සඳහා පොත් ලබාදීම වෙනුවෙන් පොත් පරිත්‍යාග කිරීමක් සිදු වන අතර ඔබටත් BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ තිබෙන අරුණ කුටිය වෙත පැමිණ පොතක් පරිත්‍යාග කර මේ සඳහා දායක වීමට හැකියාව තිබේ.



 

More News..