Best News Website award
brand logo
logo
ඉන්දියාව තීරණාත්මක ව්‍යාපෘති 2කට සැරසෙයි

ඉන්දියාව තීරණාත්මක ව්‍යාපෘති 2කට සැරසෙයි

14 November 2026


ඉන්දු නදී ද්‍රෝණිය ආශ්‍රිතව, චෙනාබ් ගඟ මත ඉදිකෙරෙන මෙගාවොට් 1000ක ධාරිතාවකින් යුත් Pakal Dul සහ මෙගාවොට් 624ක ධාරිතාවකින් යුත් Kiru යන තීරණාත්මක ජලවිදුලි ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පියවර තබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා දෙසැම්බර් මස අවසානය ඉලක්ක කරගත් කාලසීමාවක් රජය විසින් සැලසුම් කර ඇති බවද පැවසෙයි.


ඉන්දියාව සහ පාකිස්තානය අතර 1960 වසරේ ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් ඇති කරගත් 'ඉන්දු ජල ගිවිසුම' පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, පසුගිය අප්‍රේල් මාසයේදී අත්හිටුවීමට ඉන්දියාව පියවර ගත්තේය.


බටහිර ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජලවිදුලි ව්‍යාපෘති අතරින්, මෙම ව්‍යාපෘති එම සිදුවීමෙන් පසු නිමාවට පත්වන පළමු ව්‍යාපෘති වනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

 

More News..