Best News Website award
brand logo
logo
මොනරාගල - වැදිකුඹුර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් විශාල වාහන ධාවනයට බාධා

මොනරාගල - වැදිකුඹුර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් විශාල වාහන ධාවනයට බාධා

29 November 2026


මොනරාගල - වැදිකුඹුර මාර්ගයේ අලියාවත්ත, 4 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද (29) දහවල් කාලයේ මාර්ගය අසල තිබූ ගසක් මාර්ගය හරහා ඇද වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා සිදු වී ඇත.


මෙම ගස කඩා වැටීමත් සමඟ ඒ අසලින් ගමන් ගත් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට මෙන්ම දුරකථන රැහැන් පද්ධතියකටද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.


විදුලි රැහැන් සහ දුරකථන රැහැන් මාර්ගයට කඩා වැටී පැටලී තිබීම හේතුවෙන් බස් රථ ඇතුළු විශාල වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත. එහෙත්, මේ වන විට ත්‍රීරෝද රථ, යතුරුපැදි සහ කුඩා වාහනවලට පමණක් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කර දී ඇති බව සඳහන්ය.


මාර්ගයේ ගමනාගමනය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා කවුඩාව සහ අලියාවත්ත යන ප්‍රදේශවල වැසියන් එක්ව, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේද සහාය ඇතිව මාර්ගයට ඇද වැටුණු ගස සහ රැහැන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

 

More News..