brand logo
logo
විදේශීය දුම්වැටි 39,400ක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි 39,400ක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

02 August 2026


නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියෙහි පසුවන චීන ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහු ළඟ තිබී සොයාගත් දුම්වැටි තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් පනස් නව ලක්ෂ දස දහසක් (රු. 5,910,000) පමණ වන බව රේගුව පවසයි.


සැකකරු විසින් මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කර ඇත. එහිදී ඔහුගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී, ගමන් මලු දෙකක සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 39,400ක් (දුම්වැටි කාටූන් 197ක්) සොයා ගැනීමට සමත්වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු අදාළ දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස්, එතැන් සිට ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණ ඇති බවයි.


අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

 

More News..