brand logo
logo
ගතවූ පැය 12 තුළ 211mmක වැඩිම වැස්ස හිනිදුමට

ගතවූ පැය 12 තුළ 211mmක වැඩිම වැස්ස හිනිදුමට

08 November 2026

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ගතවූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


ඒ, 211mm වර්ෂාපතනයක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දැඳුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර මානන්කට්ටිය, උඩවලව සහ බඳගිරිය ජලාශවල වාන් දොරටු 4 බැගින්ද , අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක්ද විවෘත කිරීමට පියවර ගෙන ඇත.


එලෙසම රාජාංගනය, අංගමුව,අඹේවෙල,යෝධවැව,මවුආර,යන ජලාශවල වාන්දොරටු දෙක බැගින් ද කැණියන් ,කුකුළේ ගඟ ජලාශවල වාන් දොරටුව බැගින්ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අධික වර්ෂාපතනය හමුවේ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිය මහනුවර හා නානුඔය දක්වා දුම්රිය ධාවනය නොවන අතර රඹුක්කන සිට මාතලේ දක්වාද දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


එලෙසම දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ගොඩනැගිලි සහ ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ති‍බේ.

මෙම නිවේදන ඉදිරි පැය 24ට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

ඒ අනුව,

විමසිලිමත් මට්ටම(කහ)

බදුල්ල දිස්ත්‍රික්කයේ -මීගහකිවුල

ගාල්ල-තවලම ,නාගොඩ,

මහනුවර-තුම්පනේ,මිනිපේ

කෑගල්ල-අරණායක,මාවනැල්ල්,රුවන්වැල්ල,යටියන්තොට,බුලත්කොහුපිටිය,කෑගල්ල,වරකාපොළ

මාතර-පස්ගොඩ

මොනරාගල-වැල්ලවාය

නුවරඑළිය-කොත්මලේ නැගෙනහිර,කොත්මලේ බටහිර,මතුරට,හගුරන්කෙත

රත්නපුර-කොලොන්න,වැලිගෙපොල,ගොඩකවෙල,බලංගොඩ

අවදානම් මට්ටම(ඇම්බර්)

මහනුවර-උඩුදුම්බර

මාතර-කොටපොල

නුවරඑළිය-නිල්දන්ඩාහින්න,වලපනේ

තවද ධීවර සහ නාවික ප්‍රජාව සඳහාද තද සුළං සහ රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුදු සඳහා අද පස්වරු 3ට නිකුත් කර ඇති මෙම නාවේදනය ඉදිරි තුන සඳහා වලංගු වෙයි.

මෙම නිවේදන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් අද(08) පෙරවරු 6සිට පස්වරු 6 දක්වා සිද්ධීන් අනුසාරයෙන් නිකුත් කරන ලද්දකි.


 

More News..