brand logo
logo
ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්

ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්

14 July 2026 | •අශිකා ජයවීර

Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ.


මෙරටට ආවේණික වූ සුවඳවත් කුළුබඩු සහ වසර සිය ගණනක සංස්කෘතික උරුමය ඇතුළු නිර්ණායක කිහිපයක් මෙම ජාත්‍යන්තර ඇගයීමට පදනම වී ඇත.


විශේෂයෙන් කොළඹ, යාපනය, ගාල්ල සහ නුවරඑළිය වැනි නගරවල පවතින සුවිශේෂී ආහාර සංස්කෘතිය සහ දේශීය රසයන් ලෝක සංචාරකන්ගේ අවධානයට ලක්ව ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.


ආහාර යනු හුදෙක් පෝෂණය පමණක් නොව, එය රටක සංස්කෘතික අනන්‍යතාවය සහ ප්‍රජාව විදහා දක්වන අත්දැකීමක් බව මෙම ශ්‍රේණිගත කිරීම මගින් තහවුරු කර ඇත.


මෙම ලැයිස්තුවේ 50 වෙනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර පළමු ස්ථාන පහ සඳහා පිළිවෙළින් මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය සහ ඉන්දියාව නම් කර ඇත.


ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ ද විවිධ ආහාර වර් ද සඳහා මෙම වර්ගීකරණය හරහා විශේෂ වශයෙන් දක්වා ඇති අතර කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවර එළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය එලෙස ආහාර සඳහා සුවිශේෂී ගමන්නාන්ත ලෙස හඳුන්වා තිබේ.

 

More News..