brand logo
logo
බදුල්ල දෙවන තැඹිලි ගම්මානය දෙහිගමදි ස්ථාපිත කරයි

බදුල්ල දෙවන තැඹිලි ගම්මානය දෙහිගමදි ස්ථාපිත කරයි

11 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල


ජාතික තැඹිලි ගම්මාන 250 ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික් දෙවන තැඹිලි ගම්මානය ස්ථාපිත කිරීම රිදීමාලියද්ද දෙහිගමදී ඊයේ (10)වෙනිදා සිදුකෙරිණි.


මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500 බෙදා දීම සිදු කළ අතර,දිළිඳු බව තුරන් කිරීම සඳහා ප්‍රජා ශක්ති වැඩසටහන සමඟ ක්‍රියාත්මක ගෙවතු පොල් පැළ බෙදාදිමේ වැඩසටහන යටතේ පවුල් 50 වෙත පොල් පැළ 500 බෙදා දීම සිදුකළ අතර පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.


මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න,බදුල්ල දිස්ත්‍රික් පා.ම සුදත් බලගල්ල,රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. නන්දසිරි වික්‍රමසේකර,බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් යන ඇතුළු පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව සහභාගී වූහ.

 

More News..