උතුරු වෙරළ තීරයේදී ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින්
27 September 2026
උතුරු වෙරළ තීරයේදී ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින්
27 September 2026
නාවික හමුදාව විසින් උතුරු වෙරළ තීරයේදී සිය භාරයට ගන්නා ලද යාත්‍රාව තුළ කිලෝග්‍රෑම් 81ක පමණ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පවතින බව හඳුනාගෙන තිබේ.
යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය ඇතිව සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව නාවික හමුදාව පවසයි.
අද (27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී උතුරු නාවික විධානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ නිලධාරීන් විසින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බවට සැකකෙරෙන යාත්‍රාව සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

