අ.ඩො.බිලියනයක් රටින් පන්නපු සිද්ධියේ බැංකු කළමනාකරුවන් රිමාන්ඩ්
17 August 2026
අ.ඩො.බිලියනයක් රටින් පන්නපු සිද්ධියේ බැංකු කළමනාකරුවන් රිමාන්ඩ්
17 August 2026
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අත්අඩංගුවටගත්, ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා එළැඹෙන අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් සිව්දෙනා අද (17) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළ බවට වාර්තා ෙව්.

