ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී සහ මෙරට නාවික හමුදාධිපති අතර හමුවක්
09 September 2026
ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී සහ මෙරට නාවික හමුදාධිපති අතර හමුවක්
09 September 2026
ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar (Vice Chief of the Naval Staff of the Indian Navy) අද (09) දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.
ඒ අනුව, ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී, නාවික හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වෙත හඳුන්වා දීම සිදු කෙරුණි.
නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුවේදී, ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර දෙරටේ නාවික හමුදා අතර පවත්නා සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව උපාය මාර්ගික මට්ටමේ අදහස් හුවමාරුවක් ද සිදු විය.
තවද, මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

