brand logo
logo
මාඔයේ දිය නෑමට ගිය සිව්දෙනෙකු අතුරුදන්

මාඔයේ දිය නෑමට ගිය සිව්දෙනෙකු අතුරුදන්

19 September 2026

දිවුලපිටිය බඩල්ගම, පේරගස්මංකඩ ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.


පොලිසිය පැවසුවේ අද පස්වරු 02කට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.


තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයෙකු මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිට ඇති බව සඳහන් වෙයි.


එහිදී ඉන් එක් තරුණියක් දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සහ කිරීමේදී සෙසු තිදෙනාද දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.


අතුරුදන් වූ තරුණියන් තිදෙනා සහ තරුණයා සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇත.


මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචි පිරිසක් බව සඳහන් වෙයි.


ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බවද වාර්තා වෙයි.

 

More News..