ගුරුවරු ලක්ෂයක් උසස්වීම් කොන්දේසි සපුරා නැහැ
28 November 2026 | නිලන්ත මදුරාවල
ගුරුවරු ලක්ෂයක් උසස්වීම් කොන්දේසි සපුරා නැහැ
28 November 2026 | නිලන්ත මදුරාවල
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පළමු ශ්‍රේණියේ ගුරුවරු ලක්ෂයක් පමණ උසස්වීම් කොන්දේසි සපුරා නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයට අනාවරණ වී තිබේ.
ශ්‍රේණි අතර උසස්වීම් සඳහා විභාග සමත්වීම අනිවාර්යය වුවද 1994 වසරේ ගුරු සේවා ව්‍යවස්ථාව පිහිටු වූ දින සිට මේ දක්වා කාලයේදී පවත්වා ඇත්තේ එක් විභාගයක් පමණි. එම විභාගයෙන් ද සමත් වී ඇත්තේ ගුරුවරු දහසක පමණ පිරිසකි.
මීට අමතරව වෘත්තීය සමාලෝචනයද තවත් කොන්දේසියකි. එමෙන්ම දැනුම යාවත්කාලීන කරගැනීම සඳහා වන සේවාස්ථ සැසි සම්පූර්ණ කිරීමද අවශ්‍ය වෙයි. පැය තුන්සිය පනහේ හෝ පැය හාරසියයේ සේවාස්ථ සැසිවලට සහභාගිවිය යුතු බව අදාළ කොන්දේසිවල සඳහන්ව ඇත. තවද දුෂ්කර සේවා කාලයද අනිවාර්යය.
වසර ගණනක් තිස්සේ පවතින ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉකුත් 2020 වසරේ දී පත් කරන ලද සුබෝධිනී කමිටු වාර්තාවද මෙම කොන්දේසි සපුරාලීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කර තිබිණි.
පසුගිය තිස් වසර පුරාම මෙම කොන්දේසි සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවරයන් පැවැති රජයන් ගෙන නොතිබූ අතර උසස්වීම් සඳහා කොන්දේසි සපුරාලීමේ අවශ්‍යතාව කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


