ගල්කිස්සේදි බස් රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
15 March 2026
ගල්කිස්සේදි බස් රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
15 March 2026
ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබේ.
කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇතත් එහි ආරක්ෂිත බැලූන ක්‍රියාත්මකවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

