දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී
24 November 2026
දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී
24 November 2026
කොළඹ වරාය නගරයේදී දකුණු ආසියාවේ ප්‍රථම Air Dome ව්‍යුහය ස්ථාපිත කර ඇත.
එකවර පුද්ගලයින් 4,000කට සහභාගී විය හැකි පරිදි නිර්මාණය කර ඇති මෙම විශේෂිත ගෘහස්ථ උත්සව පරිශ්‍රය, මෙම දෙසැම්බර් මාසය අවසානයේ සිට මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂිතය.
කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට පෙර සිවිල් ඉදිකිරීම් කටයුතු කිහිපයක් තවදුරටත් අවසන් කිරීමට නියමිත බවද සඳහන් වේ.
CHEC Port City Colombo සමාගමේ විධායක අධ්යක්ෂ සහ ඉඩම් සංවර්ධන හා අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න සඳහන් කර ඇත්තේ, සම්මන්ත්රණ, ප්‍රදර්ශන, ව්‍යාපාරික හමුවීම් සහ විශාල පරිමාණයේ උත්සව පැවැත්වීම සඳහා මෙම පරිශ්‍රය භාවිත කිරීමට නියමිත බවය.
ඩුබායි ඇතුළු ජාත්‍යන්තර නගරවල මෙවැනි පහසුකම් ආදර්ශයට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත ස්ථිර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය සංවර්ධනය කරන තෙක් මෙම Air Dome පරිශ්‍රය අතුරු පහසුකමක් ලෙස භාවිත කිරීමටද නියමිතය.
යෝජිත ස්ථිර මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 4,000කට සහභාගී විය හැකි ගෘහස්ථ බහුකාර්ය ශාලාවක් සහ එළිමහනේ පුද්ගලයින් 5,000කට පහසුකම් සැලසිය හැකි පරිශ්‍රයක් ද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම එම මධ්‍යස්ථානයට යාබදව කාමර 400 - 450ත් අතර සංඛ්‍යාවකින් සමන්විත තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීමට ද කොළඹ වරාය නගරයේ ප්‍රධාන සැලැස්මට ඇතුළත් කර ඇත.


