brand logo
logo
 මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට යළි විවෘත කරයි

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට යළි විවෘත කරයි

04 August 2026


මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.


පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් වසා තැබීමට ඊයේ (04) පියවර ගැණුනි.


පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබුණි.

 

More News..