අමෙරිකානු ‘USS CANBERRA’ යුද නෞකාව කොළඹ වරායට
26 October 2026
අමෙරිකානු ‘USS CANBERRA’ යුද නෞකාව කොළඹ වරායට
26 October 2026
සැපයුම් සහ සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව අද (26) පෙරවරුවේ කොළඹ වරාය පැමිණ තිබේ.
මෙම නෞකාව වරාය වෙත ළඟා වීමත් සමඟ ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා
සම්ප්රදායන්ට අනුව පිළිගනු ලැබීය.
(Littoral Combat) වර්ගයට අයත් මෙම යුද නෞකාව මීටර් 127.6ක දිගකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් (C. Towles) මහතා කටයුතු කරයි.
පසුගිය 2023 ජූලි 22 වැනි දින අධිකාරියට පත් කරනු ලැබූ ‘USS CANBERRA (LCS 30)’ නෞකාව, එතැන් පටන් අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සේවයේ නිරතව සිටියි. මීට අමතරව, මෙම නෞකාව මීට පෙරද මේ වසරේ ජුනි 12 වැනි දින ශ්රී ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයකි.

