නාවලපිටිය ළිඳකින් කඳුකර කොටියෙකුගේ සිරුරක් හමු වෙයි
28 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටිය ළිඳකින් කඳුකර කොටියෙකුගේ සිරුරක් හමු වෙයි
28 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටිය වෙරලුගස්හින්න ප්රදේශයේ තේ වත්තක ලිදකට වැටී අභිරහස් ලෙස මිය ගොස් සිටි හොදින් වැඩුනු කදුකර කොටියෙකුගේ සිරුරක් ගම්පොළ වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් ඊයේ (27) දින සොයා ගනු ලැබූවා.
මීට දින ගණනාවකට ප්රථම කදුකර කොටියා ගොදුරක් පසුපස හබා යද්දී ලිදට වැටෙන්නට හෝ මන්දකට හසු වී මිය යෑමෙන් පසු කදුකර කොටියා කිසියම් පිරිසක් කොටියා ලිදට ගෙනවිත් දැමුවේද යන්න පිලිබදව සැක සහිත බවයි වනජීවි නිළධාරින් කියා සිටියේ.
ගම්වාසීන් විසින් භාවිතා කරන එම ලිද දිට්වා සුලි කුණාටුව සමයේ විශාල ලෙස පස් සෝදාවිත් රැදී ඇති බවත්, එම ලිදට වැටුණු කොටියාට ගොඩට ඒමට අවස්ථාව තිබියදී කොටියා මියයෑම සැක සහිත බවයි ප්රදේශවාසීන් කියා සිටියේ.
ගම්වාසීන් විසින් කාලයක් තිස්සේ එම ලිදේ ජලය භාවිතා නොකරන අතර, එම ළිද අසළ කෝපි වත්තේ වැඩට ගිය කම්කරුවෙකු විසින් කොටියාගේ සිරුර දැක ඒ පිලිබදව නාවලපිටිය පොලිසිය මගින් වන ජීවි නිළධාරින්ට දැනුම් දි ඇත.
කොටියාගේ මළ සිරුර නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් රැගෙන පෂ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්ය කාර්යාලය වෙත රැගෙන යන බවයි වන ජීවි නිළධාරින් කියා සිටියේ.

