අද පස්වරුවේත් තද වැසි
15 October 2026
අද පස්වරුවේත් තද වැසි
15 October 2026
දිවයිනේ බොහෝ ප්රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව, මධ්යම සහ උතුරුමැද පළාත්වල සහ ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

