ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති
26 September 2024
ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති
26 September 2024
නව රජය යටතේ වැඩ බලන පොලිස්පති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට යෝජනා කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘අරුණ’ ට හෙළි කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක නොකලැල් සේවාවක් හිමි හෙතෙම පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තරාතිරම්වල සේවය කළ දක්ෂ නිලධාරියෙකි.
මේ වනවිට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන හෙතෙම මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබවනු ලැබීය.
1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ හෙතෙම 1992 දි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙසද, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු පත්වී ඇත.
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති හෙතෙම නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස එක්ව තිබේ.
මෙම රාජකාරි කාලසීමාව තුළ පොලිස්පතිවරුන් දසදෙනකු විසින් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි ලබාදී ඇත.
වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය හා ලලිත් පතිනායක යෝජනා වී තිබූ අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යෝජනා වූ බව රජයේ ආරංචි මාර්ග සනාථ කළේය.