වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක්
31 October 2026
වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක්
31 October 2026
වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.
වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්යතාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයා සිටින ස්ථානය ඇතුළු සියලු තොරතුරු මෙම ක්රමවේදය හරහා ලබාගැනීමට හැකියාව ලැබෙන බව සඳහන්.
අයිතිකරුවන් නොමැති වීදි සුනඛයින් දිවයිනේ බොහෝ ස්ථානවල අද වන විට දක්නට ලැබෙන අතර ගාල්ල සංචාරක පුරවරය පවා මේ වන විට අයාලේ යන සුනඛයන්ගේ දැඩි බලපෑමට ලක්ව ඇත.
එවන් වීදි සුනඛයින්ගේ නිශ්චිත දත්ත සහ සංඛ්යාලේඛන ලබාගැනීම පවා දුෂ්කර ක්රියාවකි.
එවන් පසුබිමක වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භකර ඇත.
මෙමගින් වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්ය අවස්ථාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයාගේ තත්ත්වය ඇතුළත් සම්පූර්ණ දත්ත වාර්තාවක් ලබාගැනීමට හැකියාව තිබේ.
එමෙන්ම සත්වයා සිටින ස්ථාන හඳුනාගැනීම පවා මෙමගින් සිදුකළ හැකියි.
මේ අතර ජලභීතිකා රෝගය තුරන් කිරීමේ අරමුණින් සුනඛයින් එන්නත් කිරීමේ මෙන්ම සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පසුගියදා හැටන් දික්ඔය නගරසභා ශාලාවේදී සිදුකෙරිණි.

