සබරගමුවේ සා/පෙළ සෞන්දර්ය ප්රායෝගික පරීක්ෂණවලට වෙනත් දිනයක්
27 October 2026
සබරගමුවේ සා/පෙළ සෞන්දර්ය ප්රායෝගික පරීක්ෂණවලට වෙනත් දිනයක්
27 October 2026
ගංවතුර තත්ත්වය හේතුවෙන් අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ සෞන්දර්ය ප්රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සබරගමුව පළාතේ සිසුන් සඳහා වෙනත් දිනයක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පැවති අයහපත් කාලගුණය සහ ගංවතුර හේතුවෙන් එම පළාතේ දරුවන්ට විභාග මධ්යස්ථාන වෙත ළඟාවීමට බාධා පැමිණ ඇති බවට වාර්තා වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවාය.
එබැවින් මේ පිළිබඳව දරුවන් හෝ දෙමාපියන් අනවශ්ය ලෙස කලබල විය යුතු නැති බව පෙන්වා දෙන ඒ මහත්මිය, ප්රදේශයේ ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ විභාග මධ්යස්ථානය වෙත ගොස් අමතර ප්රායෝගික පරීක්ෂණ සඳහා අලුතින් දිනයක් වෙන් කර ගැනීමට හැකියාව පවතින බව වැඩිදුරටත් සඳහන් කළාය.

