මත්ද්රව්ය සමග කාන්තාවක් ග්රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට
22 October 2026
මත්ද්රව්ය සමග කාන්තාවක් ග්රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට
22 October 2026
හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
එහිදී ඇය සතුව තිබී අයිස් මත්ද්රව්ය කිලෝග්රැම් එකයි ග්රෑම් 45ක්, හෙරොයින් කිලෝග්රෑම් එකයි ග්රෑම් 86ක්, විද්යුත් තරාදියක්, මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් අට ලක්ෂ 50,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
සැකකාරිය 46 හැවිරිදි ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

