brand logo
logo
කෙන්යාවේ බස් රථ අනතුරකින් 24ක් ජීවිතක්ෂයට

කෙන්යාවේ බස් රථ අනතුරකින් 24ක් ජීවිතක්ෂයට

26 October 2026


කෙන්යාවේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.


අවමංගල්‍ය උත්සවයකට එක්වී යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට මුහුණ දී ඇත.


මෙම ඛේදනීය සිදුවීමත් සමඟ, සියලුම පොදු ප්‍රවාහන සේවාවල යෝග්‍යතාවය කඩිනමින් පරීක්ෂා කරන ලෙස එරට ජනාධිපති විලියන් රූටෝ අදාළ අංශ වෙත නියෝග කර තිබේ.


 

More News..