අඩි 1000ක් ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් එක් අයෙකු බේරා ගනී
30 May 2026
අඩි 1000ක් ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් එක් අයෙකු බේරා ගනී
30 May 2026
ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ දින 10කට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන්ගෙන් එක් අයෙකු මුදාගැනීමට ලාඕසයේ සහ තායිලන්තයේ සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
රත්‍රං සෙවීම සඳහා ගම්වැසියන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය මැයි 20වැනිදා මෙම ගුහාවට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඒ අතරවාරයේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සහ ගුහාව අභ්‍යන්තරයේ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහා දොරටුව සම්පූර්ණයෙන් වැසීගොස්, ඔවුන්ට යළි පැමිණීමට නොහැකිව මෙලෙස සිරව සිටියි.
කෙසේ නමුත් මෙම අවස්ථාවේ දී එක් අයෙකු ඉන් මිඳි යළි ගොඩට පැමිණ ඇති අතර, ඔහු විසින් සිරවී සිටින පුද්ගලයන් පිළිබඳ වගකිව යුතු බලධාරීන්ට දැනුම්දී ඇත.
ඔහුගේ එම දැනුම්දීමට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම මෙලෙස ක්‍රියාත්මක කර තිබේ.
අදාළ පුද්ගලයන් ගලවා ගැනීමේ ස්ථානයේ සිට මීටර් 300 (අඩි 984)ක් ගැඹුරින් සිරවී සිටින අතර, බේරාගත් පුද්ගලයා හැරෙන්න තවත් සිව්දෙනෙකු ගුහාව තුළ ජීවතුන් අතර සිටින බව වාර්තා වේ.
කෙසේ නමුත් දෙදෙනෙකු අතුරුදහන් බව වාර්තා වේ.
මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා 2018 වසරේදී තායිලන්තයේ "තම් ලුඇන්ග්" ගුහාවේ සිරවූ කුඩා පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ ලෝක ප්‍රකට මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රවීණයන් කිහිප දෙනෙකු එක්ව සිටියි.
ඔවුන් විසින් ගුහාව තුළ රැඳී ඇති ජලය දිවා රෑ නොබලා පිටතට පොම්ප කරමින් සිටී.

