brand logo
logo
අගමැතිනිය කටාර් බලා පිටත්ව යයි

අගමැතිනිය කටාර් බලා පිටත්ව යයි

14 July 2026

අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් හිටපු එමීර්වරයාගේ අභාවය පිළිබඳ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යවරිය නියමිතය.

එමෙන්ම, මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද සැලකේ.

එමෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා එම ගුවන් යානයෙන්ම දෝහා බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් සියලු දෙනාම ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-217 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 6.50ට කටුනායක සිට දෝහා බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

More News..