brand logo
logo
නුවරඑළිය ආර්ථික සංගණනයේ දත්ත රැස්කිරීම ඇරඹේ

නුවරඑළිය ආර්ථික සංගණනයේ දත්ත රැස්කිරීම ඇරඹේ

06 October 2026 | සිතාර ඉරාෂ් - වටවල


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික අංශයට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ දත්ත රැස්කිරීමේ කටයුතු ඊයේ (05) දින ආරම්භ විය.


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්, සංගණන කොමසාරිස් තුෂාරි තෙන්නකෝන් උපදෙස් පරිදි දැනුවත් කිරිම් ඇතුළත් ප්‍රධාන වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පවත්වන ලදී.


දේශීය කෘෂිකර්මාන්තයේ ඉදිරි දශකය තීරණය කරන මෙම සංගණනය නුවරඑළිය දිස්ත්‍රික්කයට මෙන්ම සමස්ත රටටම අතිශය වැදගත් වේ.


මෙවර සංගණනයේ දී ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් ඉතා නිවැරදිව හා වේගවත්ව දත්ත රැස් කෙරෙන බැවින්, ගොවි ජනතාවගේ ගැටළුවලට කඩිනම් විසඳුම් සැලසීමට ද අවස්ථාව උදා වනු ඇත.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 491 ක සංගණන කටයුතු සදහා නිලධාරින් 600 ක් පමණ යොදා ගැනීම ට නියමිත අතර ඔවුන් සංවර්ධන නිලධාරින්,ග්‍රාම නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් සම්බන්ධ වේ.


සංගණනයේ ක්ෂේත්‍ර අධීක්ෂණය කටයුතු සඳහා නිලධාරීන් පනහක් පුහුණු කර ඇති බවත්, ඊයේ දින සිට ඔබගේ නිවසට හෝ වගාබිමට පැමිණෙන සංගණන නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා දී, රටේ කෘෂිකාර්මික අනාගතය ශක්තිමත් කිරීමට පුරවැසියන් වන ඔබගේ උපරිම සහගෝගය ලබා දෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛන කේ.ජී.ටී.ජේ. සුමිල පැවසීය.


මූලික වැඩ සටහනෙන් අනතුරුව නුවරඑළිය බන්ධනාගාර පරිශ්‍රයේ ඇති නිල නිවාසවල ප්‍රථම සංගණන කටයුතු සිදු කල අතර සංගණනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන සංඛ්‍යාලේඛනඥ එස්.කේ.එස්. බස්නායක විසින් එය අධික්ෂණය කරන ලදි.


 

More News..