brand logo
logo
අලි රංචුවෙන් බේරුණු ධීවරයා කිඹුල් ප්‍රහාරයකින් මරුට

අලි රංචුවෙන් බේරුණු ධීවරයා කිඹුල් ප්‍රහාරයකින් මරුට

06 February 2026

අලි රංචුවකින් බේරී පලා යමින් සිටි ධීවරයෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වීමේ පුවතක් නැගෙනහිර සැම්බියාවෙන් වාර්තා විය.


එලෙස මියගොස් ඇත්තේ, 52 හැවිරිදි ධීවරයෙකු බව එරට පොලීසිය පවසයි.


අදාල ධීවරයා පෙරේදා (04) මිතුරන් දෙදෙනෙකු සමඟ ධීවර චාරිකාවකට ගොස් ආපසු යමින් සිටියදී ඔවුන් අලි ඇතුන් රංචුවකට හසු වී ඇත.


ඉන් මිදී ඔවුන් පලා ගොස් ඇති අතර, මියගිය ධීවරයා දිවි බේරා ගැනීමට ඇළකට පැන ඇති අතර එහිදී ඔහු මෙම කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.‍

 

More News..