සෞදියේ මරණ දඬුවම හිමිවූ අනෝජන්ට සමාව දෙන ලෙස නිහඬ විරෝධතාවක්
20 September 2026 | සිතාර ඉරාෂ් - වටවල
සෞදියේ මරණ දඬුවම හිමිවූ අනෝජන්ට සමාව දෙන ලෙස නිහඬ විරෝධතාවක්
20 September 2026 | සිතාර ඉරාෂ් - වටවල
සෞදි අරාබියේ මරණ දණ්ඩනයට නියම වී ඇති ශ්‍රී ලාංකික සිවරාජා අනෝජන්ට සානුකම්පිතව සලකා පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා වතුකරයේ තරුණයන් පිරිසක් අද (20) දින හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.
ශ්‍රී ලංකා හින්දු සංවිධාන සංසදය මඟින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ තරුණයන් කිහිපදෙනෙකු කියා සිටියේ, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් එම තරුණයාට අධිකරණ තීන්දුවක් හරහා මරණ දඬුවම නියම වී ඇති බවයි.
ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සෞදි අරාබියේ රැකියාවල නිරතව සිටින බවත්, ඔවුන් ආතතියෙන් මිදීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කර සිත සැහැල්ලු කර ගන්නා බවත් විරෝධතාවයේ නිරතව සිටි වතුකරයේ තරුණයන් කියා සිටියහ.
මේ සඳහා රජය ද මැදිහත් විය යුතු බව ඔවුහු කියා සිටියහ.

