ගුවන් හමුදාවට රුපියල් මිලියන 4,261ක් වෙන් කිරීමේ පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි
05 November 2026
ගුවන් හමුදාවට රුපියල් මිලියන 4,261ක් වෙන් කිරීමේ පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි
05 November 2026
රුපියල් මිලියන 4,261ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (05) පැවති විවාදයෙන් අනතුරුව සම්මත වී තිබේ.
ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය විසින් ලබාගන්නා ඕනෑම ණය මුදලකින් මෙම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
වෙනස්වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල පවතින ආපදාවන්ට ගොදුරු විය හැකි තත්ත්වයන් හා නිරන්තර අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන ආසන්න තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිතය.

