brand logo
logo
 මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සයිමා රහස් රැසක් හෙළිකරයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සයිමා රහස් රැසක් හෙළිකරයි

30 July 2026


මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.


එමෙන්ම ඔහු කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවී සිටිමට ද සහය ලබාදි ඇති බවද පොලිසිය පවසයි.


ශ්‍රී ලංකාවේ පොලිස් කණ්ඩායමක් මැලේසියාවේදී එරට පොලිසිය සමග එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයමුකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමැත්තා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.


සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කංජිපානි ඉම්රාන් නැමැති අපරාධකරුගේ සියලු මුල්‍ය කටයුතු ඔහු විසින් මෙහෙයවා ඇති බවය.


සැකකාර සයිමා නමැත්තා කංජිපානි ඉම්රාන්ගේ සමාජමාධ්‍ය කටයුතු භාරව ද ක්‍රියාකාර ඇති අතර ඒ අනුව ඔහුගේ හඬපට සමාජගත කිරීමද ඔහු විසින් සිදුකර ඇති බව අනාවරණ වෙයි.


එමෙන්ම පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවසිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත ඔහු විසින් පහසුකම් සලසා ඇතැයිද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.


මේ වනවිට ප්‍රංශයේ සැඟවී සිටින කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කලක් කර ඇති ඔහු පසුව කංජිපානි ඉම්රාන් සමග එක්ව ඇති බවයි පොලිසිය පැවසීය.


කුඩු අංජු විසින් සයිමා නැමැත්තා ඝාතනය කිරීමේ සූදානමක් පැවත ඇති අතර ඒ පිළිබඳව කංජිපානි ඉම්රාන් විසින් සයිමාට දැනුම්දීමෙන් පසුව ඔහු කංජිපානි සමග හිතවත්ව කටයුතු කර තිබේ.


ඔහු වසර 10කට පමණ ඉහතදී මැලේසියාවට පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

 

More News..